ලංකාවේ ලූනු මිල තීරණය කරන පාකිස්ථාන වෙළෙන්දෝ

0
401

පසුගිය දිනවල මෙරට ලොකු ලූනු මිල අසාමාන්‍ය ලෙස ඉහළ නංවනු ලැබුවේ කොළඹ සිටින පාකිස්ථාන ජාතික ආනයනකරුවන් පිරිසකගේ බලපෑම මත බව දඹුල්ලේ ලූනු වෙළෙඳුන් පවසයි.

ආනයනික ලොකු ලූනු සඳහා රජය ඊයේ උපරිම සිල්ලර මිලක් නියම කළ අතර අද (23) දින අප හට නිරීක්ෂණය වූයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූනු තොග මිලද පැය කිහිපයක් තුළ ශීඝ්‍රෙයන් අඩු වී ඇති බවයි.

පසුගිය දිනවල මෙරට වෙළෙඳපොළේ ලොකු ලූනු මිලෙහි හදිසි ඉහළ යාමක් පෙන්නුම් කළ අතර හිඟයක්ද දක්නට ලැබුණි.

ඒ අනුව අප ඊයේ (22) කළ සොයා බැලිමකදී වෙළෙඳපොළේ ලොකු ලූනු මිල දැක්වුණේ රුපියල් 290ත් රුපියල් 350 ත් අතර පරාසයකයි.

එම තත්ත්වය යටතේ පාරිභෝගික කටයුතු අධිකාරිය ,ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් 190 ක උපරිම සිල්ලර මිලක් ද නියම කළේය.

ඒ අනුව අප දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූනු මිල පිළිබඳ අද සොයාබැලීමක් සිදු කළේය.

ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිතව ඊයේ හිඟයක් පැවතියත් අද වන විට ලොකු ලූනු තොග වැඩි වශයෙන් වෙළෙඳපොළේ පැවතීමත්, ගබඩා විවෘත කර තිබීමත් විශේෂත්වයක්.

මෙරට ආනයනකරුවන් චෝදනා කරන්නේ පාකිස්ථාන ජාතික ව්‍යාපාරිකයින් කිහිපදෙනෙක් මෙරට රැඳී සිටිමින් මිල පාලනය කිරීම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වූ බවයි.

ලොකු ලූනු මිල ඉදිරියේදී තවත් පහළ බසිනු ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් රුපියල් 190ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති පසුබිමක අනුරාධපුරයේ අද ලොකු ලූනු අළෙවි වූයේ රුපියල් 300 ක් වැනි මිලකටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here