රූපලාවන්‍යාගාර හා බාබර් සාප්පු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කරන්නැයි උපදෙස්

0
363

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය උපදෙස් දී තිබේ.

ඒ, රූපලාවන්‍යය ක්ෂේත්‍රයේ ප්‍රවීනයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය.

එහිදී අමාත්‍යවරිය පැවසුවේ, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශන මාලාවට යටත්ව දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් අදාළ කටයුතු සිදු කිරීමට අවකාශ පවතින බවයි.

කෙසේ වෙතත් වතු ක්ෂේත්‍රය ආශ්‍රිතව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසළකා හරිමින් කොණ්ඩා කැපීමේ කටයුතු සිදු කෙරෙන බව ද ඇය ප්‍රකාශ කළා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here