රිය අනතුරකින් හිමිනමක් අපවත් වෙයි

0
211

මීරිගම, නාල්ල ප්‍රදේශයේ දී සිදුවූ රියඅනතුරකින් හිමිනමක් අපවත්වී ඇති අතර තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අද (10) අලුයම 2.10ට පමණ එම අනතුර සිදුව ඇති බව “අද දෙරණ වාර්තාකරු“ පැවසීය.

ගිරිවුල්ල දෙස සිට පැමිණි මෝරටර් රථයක් කොළඹ දෙස සිට පැමිණි ලොරි රථයක එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ මොරටුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසු 23 හැවිරිදි පුජ්‍ය මහියංගනයේ විපුලසාර නැමති හිමිනමකි.

අපවත් වූ හිමිනම මෝටර් රථයේ ගමන් කර ඇති අතර එම මෝටර් රථයේ රියදුරුට, රියදුරු බලපත්‍රයක්ද තිබී නොමැති බව අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Adaderana

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here