රවී යනු හොරාට සමාන පදයකි.

0
395

රවී ඔබේ හෙලුව පෙනේ

නිට්ටඹුව ප්‍රදේශයේ පාසැලක දෙක වසරේ පන්තියක ගුරුවරියක් දරුවන්ට  සමාන පද ලියන්නට කීවාය.

එයින් එක් සමාන පදයක් ‘හොරා’යන්නය. දරුවෙක් ලියා තිබුණේ ‘හොරා=රවී’කියාය.

රවි යනු හිරු යැයි අනුමාන කළ ගුරුතුමිය දරුවා ගෙන්වා ප්‍රශ්න කළාය.

‘රවි කියන්නේ හිරු.කොහොමද ඉතින් රවී හොරාට කියන සමාන පදයක් වෙන්නේ?’

ගුරුතුමිය ඇසුවාය .

‘නෑ මැඩම් මම කීවේ රවි කරුණානායක කියන කෙනා ගැන’

දරුවාගේ උත්තරයෙන් ගුරුතුමිය නිරුත්තර වුනාය.

හොරා යන්නට සන්නාමය රවී වී ඇත්තේ එහෙමය.

රවීට ‘හොරා’මිස වෙන නමක් නැති බව අනුර දිසානායක වරක් කෙලින්ම කීවේය .ඕනෑම කුඩා දරුවෙක් පවා ඒ බව දනී.

රාජපක්ෂලා සමග ඩීල් ඇති බවට සෙස්සන්ට චෝදනා කළ රවී රාජපක්ෂලා සමග අමු ඩීල් දැමූ අයුරු නොදන්න කෙනෙක් නැත.

#හෙලුවෙන් නටන කලු බැටලුවා #

එජාපය නැතිභංගකොට දැමීමේ කලු බැටලුවා රවීය.

ඔහු ඉකුත්දා ප්‍රසිද්ධියේම රාජපක්ෂලා හොද බවත් සුනාමි වංචා,බැඩිල්ට චෝදනා,ගෝඨාගේ අපරාධ යනාදී සියල්ල බොරු බව කීවේය.

මහබැංකු මගඩිය ලගට කළ මහා පාවාදීම සහ දීන ප්‍රකාශය ඒකය.ලෝකයක් දන්නා අපරාධ සහ දූෂණ සියල්ල ‘බොරු’යැයි පවසා නීච හොරෙක් සහතික ලබා දෙයි.ඒ තරම් විහිලුවක් තවත් තිබේද ?.

දේශපාලන ඉතිහාසයේ හමුවන කුප්‍රකටම දේශපාලකයා ලෙස ප්‍රකට රවි කරුණානායක  රාජපක්ෂලා සමග ඩීල් දැමුවේ අද ඊයේ නොවේ.
බැදුම්කර මගඩිය හේතුවෙන් චෝදනා ලැබ සිපිරිගෙයි ලගින්නට නියමිත මුදලාලි පන්නයේ ඩීල් කප්පිතෙකු වන රවීට පසුගියදා ඇප ලැබුණු අතර එය බොහෝ දෙනෙකුගේ විමතියට හේතු විය.
එහෙත් තතු දන්නා අය ඒ පිළිබද පුදුම නොවන අතර රවි-මහින්ද ඩීල්වල අරමුණු එහෙමය.
පසුගිය ජනාධිපතිවරණ සමයේත් රවී මෙවැනි පාවාදීම් අනන්තවත් සිදු කළේය.
පරාජිත රනිල් හැමදාම පක්ෂය තුල තබාගෙන රාජපක්ෂලාට නිසි නින්දේ ආණ්ඩු කරන්නට උපකාර කරන වජිර පන්නයේ දෙවැන්න්නනා රවීය .
විටින් විට මහින්ද ,ගෝඨා හමුවී පුරුදු ඩීල් දේශපාලනය ඔහු ඉටු කළේය.
#හූවෙන් නෑවුනු හැටි#
ගෝඨාභය ජනාධිපති වී දිවුරුම් දෙන උත්සවයට අනාරාධිතව ගොස් රෙදි ගැලවෙන්න හූ වලින් නාවා ගත් දයා,වජිර,කල්ලියේ අනෙකා රවීය.
ඒ කල්ලිය ජනාධිපතිවරණය තුල එජාපය (සජිත්ව)පරාජය කරන්නට කටයුතු කළ බව එයින්ම පෙනේ.රාජපක්ෂලා සහ රවීලා අතර සබදතා නොදන්න පොහොට්ටු පාක්ෂිකයන් එදා රවීලාට හූ කීවද ඒ ඩීල් දන්නවානම් හූ කියනවා වෙනුවට අසූචි ගසනවා ඇත.
#මෙන්න කුමන්ත්‍රණ දෙක#
මේ වනවිට කුමන්ත්‍රණ කිහිපයක් ක්‍රියාත්මක වෙයි.
ඉන් එකක් ඉතිහාසයේ කුජීතම පරාජයට පාර කපාගෙන සිටින එජාපය පොහොට්ටුවට පාවාදීමේ ජවනිකාවයි.
අනෙක,තවදුරටත් සිය මහාපරිමාණ ගනුදෙනු රැකගැනීමේ උවමනාවයි.
මේ වනවිට රවි රනිල් කල්ලිය එජාපය ඉඩමේදී විකිණීමේ ක්‍රියාවලියට පිඹුරුපත් සකසන අතර රවි,රාජපක්ෂලාගේ ගුන වර්ණනා කරන්නේ ඒකය.
රවී එජාපය රකින මාර පොරක් සේ පෙනී සිටින්නේ ඔහු ඉපදුනේ එජාපයේ වගේ හිතාගෙනය.95වසරේ චන්ද්‍රිකා ආණ්ඩුව තුට්ටුවකට මායිම් නොකල නිසා රවි එජාපයට ආවේය.ඌ දැන් ඩී.එස් සේනානායකට එහා ගිය එජාප අයිතියක් ගැන කියයි.
ලලිත් අතුලත්මුදලි නම් මහා දේශපාලන නායකයාගේ මහපොළ කොල්ල කෑ ඉතිහාස කතාවලින් රවිලාගෙ ආත්මය ගද ගසයි.
බැදුම්කර මගඩිය මෙරට ඉතිහාසයේ මහා හොරකමය.එහි කරටියෙ ඉන්නේ රවීය.
පක්ෂයෙ අරමුදල් ලක්ෂ 142ක් කොල්ල කෑ ඉතිහාසයක් මදිවට හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකරගේ නඩු කටයුතු වෙනුවෙන් ලබාදි තිබු මිලියන ගනක මුදල් සාක්කුවේ දමා ගත්ත ඉතිහාසයකුත් මේ පණු ශරීර තුල තිබෙ.
අලිමංකඩ  යනවා කියලා පාමංකඩ යනවා කියමින් එදා මානුෂීය මෙහෙයුම කළ විරුවන්ට අපහාස කළ රවි කරුණානායකලා මේසා හොරමගඩි කළද වැලිකඩට නොගියේ කොහොමද කියා රට දැනගත යුතුය.
#පොහොට්ටු පාක්ෂිකයිනි ‘ගලි ලොරි’සූදානම් ද?#
කෙලින්ම පොහොට්ටුවට එක්වීම පොහොට්ටු පාක්ෂිකයන් අසූචි බාල්දි සූදානම් කරගැනීමට හේතුවක් නිසා ඊනියා ජාතික ආණ්ඩුවක මුවාවෙන් ආණ්ඩුවට යාම රවි,රනිල්,වජිර,සාගල,අකිල කල්ලියේ උපායයි.
ඒ නිසා සිය පක්ෂය කෙරෙහි අබමල් රරේණුවක ආදරයක් තිබේනම් පොහොට්ටු පාක්ෂිකයන් දැන්මම  ‘ගලි ලොරි’සූදාන්ම් කර ගැනීම වටී.
මෙරට ශ්‍රෙෂ්ඨත්වයේ සංකේතයක් බදු එජාපය වනසන මේ කම්බා හොරුන්ට කට උත්තර නැතිවෙන පාඩමක් කියාදීම අභිමානවත් එජාප පාක්ෂිකයන්ට පැවරී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here