රනිල් හොදට විපක්ෂය කලා. රනිල් අපිට අභියෝගයක්. සජිත්ට බෑ. අගමැති මහින්ද කියයි.

0
454

එජාපයට හිමිව තිබෙන එකම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සදහා, රනිල් වික්‍රමසිංහ තරම් සුදුසු වෙනත් අයෙකු නැති බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඩේලි මිරර් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

විපක්ෂයට නායකත්වය දීම සදහා ඉතාම සුදුසු පුද්ගලයා, රනිල් වික්‍රමසිංහ මහතා බවයි අගමැතිවරයාගේ අදහස වී ඇත්තේ.

අගමැතිවරයා එසේ පවසන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා සමග ඔහුට තිබෙන මිත්‍රත්වය නිසා දැයි මාධ්‍යවේදියා ඇසූ පැනයට පිළිතුරු දී ඇත්තේ, මිත්‍රත්වය පැත්තකින් තැබුවත්, දේශපාලන අර්ථයෙන් ගත් විට, රනිල් පාර්ලිමේන්තුව තුළ සිටිය යුතු බවයි. එමෙන්ම, රනිල් පාර්ලිමේන්තුවට පැමිණීම රජය පැත්තෙන් බැලූ විට ,රජයට යම් අභියෝගයක් බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.

කෙසේ වෙතත්, මේ මොහොතේ රට තුළ ක්‍රියාත්මක වන විපක්ෂය, ඒකාබද්ධ විපක්ෂය තරම් ප්‍රබල විපක්ෂයක් නොවන බව ද අග්‍රාමාත්‍යවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here