රනිල් හා දිනේෂ් අතර රහසිගත හමුවක්

0
844

රනිල් හා දිනේෂ් අතර රහසිගත හමුවක්

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ දිනේෂ් ගුණවර්ධන මහතා අතර රහසිගත හමුවක් ඊයේ දිනයේදි(ජූනි 4) සිදුවී ඇති බවට වාර්ථා වේ.

එ රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවසේදීය.

ඉදිරියේදි රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට හිමිවු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් පාර්ලිමේන්තුවට පැමිණිමට සුදානමින් සිටින අතර ඉදිරියෙදි එ මහතා ආණ්ඩුව පක්ෂය සමග කටයුතු කල යුතු ආකාරය පිළිබදව මෙම හමුවේදි සාකච්ඡාකොට ඇති බවට වාර්ථා වේ.

පසුගිය දිනෙක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශ කර සිටියේ නුදුරේදිම ආණ්ඩු පක්ෂයේ 150වන මන්ත්‍රී වරයා පාර්ලිමේන්තුව ට පැමිණිමට නියමිත බවය.

එහිදි එ මහතා එසේ අදහස් කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයේ සහය ද ආණ්ඩු පක්ෂයට ලැබීමට නියමිත නිසා වන බැවිණි.

20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේදි සහ පෝට්සිටි පනත සම්මත කර ගැනිමේදි එක්සත් ජාතික පක්ෂය තමන්ට හිමි එකම මන්ත්‍රී ධූරයෙන් පවා හෝ පාර්ලිමේන්තුව තුලදී ඊට විරුද්ධ වීමට කටයුතු කලේ නැත.

එම පනත් දෙකම සම්මත කරගත් වහාම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් පාර්ලිමේන්තුවට පැමිණිමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කරන ලදී.

ඉදිරියේදි ආණ්ඩුව පක්ෂය සමග රනිල් වික්‍රමසිංහ මහතා සහයෝගයෙන් ක්‍රියාකරනු ඇතැයි මෙරට බොහෝ මධ්‍යස්ථ දේශපාලන විචාරකයෝ ද අදහස් දක්වා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here