රනිල් හාමු එන්නේ මොකටද?

0
3581

*රනිල්හාමූ එන්නේ මොකටද?*

93 අග භාගයේ අමෙරිකාවේ ජනාධිපති ජෝර්ජ් බුෂ්‍ ය.ඊට පස්සේ ක්ලින්ටන් දෙපාරක් ජනාධිපති විය.ඔහුගෙන් පස්සේ බුෂ්ගේ පුතා ජනාධිපති විය.ඔහුද දෙපාරක් ජනාධිපතිකම් කළේය.ඊට පස්සේ ආවේ ඔබාමාය.ඔහුද දෙපාරක් ජනාධිපතිකම් කළේය.ඔබාමාට පස්සේ ට්‍රම්ප් ආවේය.ඔහුගෙන් පස්සේ බයිඩ්න් ජනාධිපති වෙලාය.

ඒ අමෙරිකාවේ ය.

91 ඉන්දියාවේ අගමැති රජීව් ගාන්ධිය.ඊට පස්සේ ප්‍රතාප් සිංය.එතැන් සිට අගමැතිවරු 7ක් පත්විය.94 ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා අර්ජුන ය.එතැන් සිට අද වෙනකොට නායකයෝ දුසිමකට එහා පත්වෙලා ඉවරය.

ඔය කාලය තුල ලෝකය් තාක්ෂණය සිට සියල්ල වෙනස්වෙලා මහා පරිවර්තනයකට ලක්වෙලාය.

එහෙත් එක් දෙයක් නොවෙනස්ව තිබේ.ඒ රනිල් වික්‍රමසිංහ ගේ එජාප නායකත්වය ය.

පරාජය නැමැති  වචනයකට  ලොව තිබෙන වඩාත්ම සමාන වචනය රනිල්‍ ය.

ලක්ෂ හතලිහකට එහා ජන පදනමක් එක්ක භාර දුන් පක්ෂය රනිල් ලක්ෂ දෙක හමාරට බස්සවා කුජීතම කර දැම්මෙය.මොලේ අමාරුවෙන් පෙළෙන මානසික ව්‍යාධිකාරයෙක් මිස වෙනත් කිසිවෙක් රනිල්ව තවදුරටත්  ඉල්ලන්නේ නැත.

ඒ විතරක් නෙවේ රනිල්ගේ නායකත්වයෙන් එජාපය එකම එක ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයකට සීමා විය.

*පින්මන්ත්‍රී*

දැන් රනිල් උත්සාහ කරන්නේ ඒ පින් මන්ත්‍රීකම ඩැහැගෙන පාර්ලිමේන්තු එන්නටය.

පරාජයවෙන කිසිවෙක් ලයිස්තුවෙන් ගේන්නේ නෑ”

(රනිල් වික්‍රමසිංහ 2020-ලන්කාදීප)

එහෙම කීව රනිල්ට ඒ නීති අදාල නැත.ඔහු ඔහුගේම නීති කඩා දමයි.බැසිල් ගෙන ආ ප්‍රොජෙක්ට් එක ඔහු රනිල් අත තබා තිබේ.ඉතිහාසයේ අපකීර්තිමත්ම ආණ්ඩුව මේකය.2024ජනාධිපති තරගෙට දැන්මම ඇදුම් මහන බැසිල්ට මේ අසාර්ථකත්වය දරා ගන්නට බැරිය.ආණ්ඩුවට සාපේක්ෂව පෙරට එන සජබ ගමන බැසිල්ගේ ඇග සීතල කරයි.ඔහුගේ උණ සංනිපාතය සනීප කළහැකි ජොකියා රනිල් ය.ඔහු රනිල්ව පාර්ලිමේන්තු ගෙනැවිත් සියලු වරදාන ලබා දී විපක්ෂය වැනසීමේ මෙහෙයුම රනිල්ට දෙන්නට යයි.රනිල් යනු ආණ්ඩු කිරීම සිය අකමැතිම දේ බවටත් විපක්ෂයේ සිටීම එකම ප්‍රාර්ථනාව බවටත් පත් කරගත් දේශපාලන තක්කඩියෙකි.ඔහු 94 සිට 2015 දක්වා බලය ලබා නොගෙන විපක්ෂයේ ඉන්න හැටි ඔප්පු කළ අයෙකි.

කුල්ලෙන් හැලුනු බොල් ඇට මෙන් කිහිපදෙනෙක් තියාගෙන “ඊලග ආණ්ඩුව හදන්නේ අපි කියා” විහිළු කරමින් එජාපයේ ඉතිරිව සිටින කල්ලිය සොකරි නටයි.

මේ ආණ්ඩුව පැමිණ වසරකි.

*කොරෝනා මැද හින්දි ෆිල්ම්*

රටම පිස්සු විකාරයක් වී තිබේ.එහෙත් එජාපය උන්නද මළාද නැත.ලෝකයේ බිහිසුණු ව්‍යසනය  රටට කඩා වැදී තිබේ.එජාපය කොහෙද නැත.කොරෝනා ගැන රනිල් කියන්නේ “ඒක තමාට චිත්‍රපටි බලන්න ලැබුණු චාන්ස් එකක්” කියාය.විසිවෙනි සංශෝධනය වෙලාවේ ජාතික ලයිස්තු ධූරය පුරවන්නේ නැතිව රනිල්ලා ආණ්ඩුව එක්ක ඩීල් දැමුවේය.

ඊට පස්සේ අයවැය වෙලාවේත් ඩීල් දැමුවේය.

ඒවා කළේ රනිල්ට එදා රාජපක්ෂලා කළ උදව් වලට කළගුණ සලකන්න ය.රනිල්ට එරෙහි විශ්වාස භංග වෙලාවේ මහින්දලා ඡන්දය දුන්නේ නැත.අද ඒවාට රනිල් කළගුණ සලකයි.

එජාපයේ එකම මනමන්ත්‍රීකමට රනිල් එන්න හදන්නේ ඒකය.ඔය තනතුර ගන්නේ රනිල්ම බව අප මුල සිටම කීවෙමු. තමන් අකමැති බව කියන්නේ බොරුවට ය.

ඒකත් රනිල්ගේ උපායකි.

රනිල් කියන්නේ ලජ්ජා බයක් හෝ හෞදසාක්ෂිය කියා දෙයක් ඇති අයෙක් නොවේ.ඔහු ඔය පක්ෂය දමා යන්නේ නැත.කල් මැරීමත් තම පෞද්ගලික උවමනව වෙනුවෙන් ගේම් සහ ඩීල් ගැසීමත් ඔහු තරම් දන්නා කෙනෙක් ලොවෙත් නැත.

එජාපය පොලවට අලු දූවිලි කළේ රනිල් ය.හැබැයි ඒ හැම වෙලාවෙම රනිල් රකින්න පැත්තක ඉදලා බෙල්ල දුන් කල්ලියක් සිටියේය.විටෙක කරූය.විටෙක ජොන්ස්ටන්‍ ය.විටෙක තිස්සය.විටෙක අකිල සාගලය.දැන් රංගේ,වජිර ,රවීය..

2013 රනිල් මුල්ම නායකත්ව මණ්ඩලය හැදුවේ නායකත්වය අහිමි වීමේ ආසන්නම අවස්ථාවෙන් බේරෙන්නටය.
රනිල් වික්‍රමසිංහ පක්ෂයේ නායකයා වශයෙන් දිගටම රැඳී සිටියදී කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, රුවන් විජයවර්ධන සහ තලතා අතුකෝරළ නායකත්ව මණ්ඩලයට පත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි විය.
හැබැයි ‘අනුහස් සහිත ජාතික නායකයා රනිල්ය.’
එදා කුඩා බලතල කිහිපයක් නායකත්ව මණ්ඩලයට දී රනිල් කීවේ තමන් ඓතිහාසික තීන්දුවක් ගත් බවය.
එහෙත් නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වන බව තලතා අතුකෝරල සහ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරුන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවෙන් අනතුරුව නිවේදනය කළේය.

කරු මොනතරම් හොද මිනිසෙක් වුවත් ඔහු තරම් පක්ෂය අවාසනාවන්ත අඩියට ගෙනයන්නට රනිල්ට උදවු කළ වෙන අයෙක් නැත.
ඊට පස්සේ රනිල් තව තව කල්ලි හාදුවේය.

එජාපයේ දැනට ඉතිරිව සිටින කල්ලිය දෙස බලන්නටත් අපුලය.දුගද හමන සුළුය.

එජාපය වෙනුවෙන් දිවිදුන් නායකයෝ මිනී වලෙන් නැගිට විත් සාප කරන තත්ත්වයට එජාපය විනාශ කළේ දශක තුනකට එහා එහි නායකත්වය උසුලන ලද ඩීල්කාර නායකත්වය විසිනි.

ඒ විතරක් නොවේ,ඔහු තම පිල පාවාදී තිබේ.

” *මහා පාවා දෙන්නා” රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්තුව ගෙන පාර්ලිමේන්තු එයි.

*පාවාදෙන්නා*

තමා අගමැතිව සිටියදී තමා විසින්ම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර තම ආණ්ඩුුව විසින්ම ගොඩ නගන ලද ආයතන වලට එරෙහිව රාජපක්ෂ  ආණ්ඩුවේ  දී රජයේ සාක්කි කාරයෙකු ලෙස ක්‍රියා කරමින් ඔහු ඓතිහාසික පාවාදීමක් කරයි.

රනිල් තරම් පාවා දෙන්නෙක් ලෝක ඉතිහාසයේ හෝ නැත. ඔහු චම්පික,මංගල,මලික්,ෆොන්සේකා ,හකීම්,අනුර දිසානායක සම්පන්දන්,මනෝ,සුමන්තිරන් , මෙන්ම වැලිඅමුණ,ජයම්පති  වැන්නන්ද පාවා දුන්නේ තම ඒකායන පැවැත්ම උදෙසාය.

*ඩීල් වෙනුවෙන් කර ඇරීම*

තීරණාත්මක විසිවෙනි සංශෝධනය වෙලාවේත් රාජපක්ෂලා සමග ඩීල් දමා ජාතික ලයිස්තු අසුන පත්නොකළ රනිල් අයවැයේදීත් එය  හැරියේය.

මේ වනවිට එජාපය කියා එකක් නැත.මහලේකම් අකිල ඉල්ලා අස්වීමේ ලිපිය ලීවේ වරක් රනිල් පාර්ලිමේන්තු යන්න තීන්දු කීරීමත් එක්කමය.

එජාපය ඒ අත්තනෝමතික නායකයා විසින් සහමුලින්ම වලපල්ලට දමා හමාරය.ඔවුන්ම මරා දැමූ,ඔවුන්ම පෙට්ටියට දැමූ,ඔවුන්ම භූමදානය කළ මහා පක්ෂය වනසන්නට දායක වූ කල්ලිය දැන් එකිනෙකා මරාගනී.

*මොලකාරයා නෙවේ මලවිකාරයා*

ඒ අතර කුලී කල්ලියක් හරහා අනුන්ට මඩ ගස්සවයි.

“රනිල් මොලකාරයා.මිනිහා කරයි”

සමහරු කියයි. මොලකාරයා පාර්ලිමේන්තු ආවා කියා කරන්න පුලුවන් කෙන්ගෙඩියක් නැත.මොලකාරයා අවුරුදු හතර හමාරක් අගමැති විදිහට කරපු හැටි නොදන්නා කෙනෙක් නැත.

2015 ජනවාරි 08 දින පත් වූ යහපාලන ආණ්ඩුව  පත්වී මාසයකුත් සති තුනක් යාමටත් පෙර පළමු බැදුම්කර මගඩිය සිදු විය.ඒ 2015 පෙබරවාරි 27 වෙනිදාය.මුදල් ඇමති රවිය. ආණ්ඩුව රකිනවා වෙනුවට අර්ජුන මහේන්ද්‍රන් රැකීමට ප්‍රමුඛත්වයක් ලබා දෙන ප්‍රතිපත්තියක් ආණ්ඩුම අනුගමනය කළහ.පසුව දෙවන බැදුම්කර මගඩිය ද 2016 මාර්තු මාසයේදී සිදු විය.එහෙත් සුපුරුදු ලෙසම බැදුම්කර හොරු රකින පිළිවෙත දියත් විය. රවිට එරෙහිව විශ්වාසභංග ගෙනාවත් මහින්දලා මාරු විය.රනිල්ට එරෙහිව විශ්වාසභංග ගෙනාවමත් මහින්දලා මාරු විය.

*තුන්මාසේ මහා කොල්ලය*

වරක් මෛත්‍රී ජනපති මෙහෙම කීවේය.

“යහපාලන ආණ්ඩු සංකල්පය, ආණ්ඩුව පිහිටුවලා මාස 03 ක් යන්නටත් කලින් බිද දැමුවා. මහ බැංකු මුදල් මංකොල්ලයෙන් අපේ රට ප‍්‍රබල ආර්ථික අගාධයකට ඇද වැටුණා. ලංකා ඉතිහාසයේ රාජ්‍ය වත්කම්, මුදල් පිළිබදව මෙවැනි මහා මංකොල්ලයක් ඔබ දන්නවා මීට පෙර අප අසා තිබුණේ නැහැ. ඒ පිරිසිදු යහපාලන සංකල්ප ,දුෂණයෙන්, වංචාවෙන් තොර රාජ්‍ය පාලනයක් ගෙන යෑමට ජනතාව දුන්නා වූ ප‍්‍රතිඥාව ඒ සියල්ල අමු අමුවේ ඝාතනය කළා. මගේ මතකයේ තිබෙනවා ආදරනීය දෙමව්පියනි, දරුවනි මහ බැංකු මංකොල්ලය සම්බන්ධයෙන් රටේ ඇති වූ ජනතා උද්ඝෝෂණ සහ හඩ, විපක්ෂයේ හඩ, දේශපාලන පක්ෂවල හඩ, සමාජ වගකීම් දරන්නන්ගේ, සිවිල් සංවිධානවල හ`ඩ ආපු වෙලාවේ ආණ්ඩුව තුළ මොනතරම් අභ්‍යන්තර අර්බුදකාරි තත්ත්වයක් ඇති වුණා ද කියලා. ඒ අවස්ථාවල දී ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා හරිම නොසන්සුන් විදියට, හරිම කලබලකාරී විදියට හැසිරුණා. මහ බැංකුවේ කාර්ය මණ්ඩලය හමුවෙන්න යන්න මා ඒ අවස්ථාවේ තීරණය කළ විට රනිල් වික‍්‍රමසිංහ මහත්තයා හදිසියේ ම මගේ නිල නිවසට දුවගෙන ඇවිත් බොහෝ කලබලකාරී ස්වභාවයෙන් මට කිව්වා ,මහ බැංකුව අයිති වෙන්නේ මටයි, ඒ නිසා ඇයි ඔබ මහ බැංකුවට යන්නේ, කියලා මගෙන් ඇහුවා. මම ඒ වෙලාවේ එතුමාට කිව්වා ,ඔබට ගැසට් නිවේදනයකින් භාරකාරිත්වය දී තිබෙන බව ඇත්ත, නමුත් මම ජනාධිපති, මට එතනට යන්න අයිතියක් තියෙනවා නේද, කියලා මම එතුමාට කිව්වා. මම කිව්වා මම තව ස්වල්ප වෙලාවකින් පිටත් වෙනවා කියලා. ඒ සමග ම එතුමා මගේ නිවසින් නික්ම ගියා. මම සුළු වේලාවකින් මහ බැංකු ගොඩනැගිල්ලට ඇතුළු වන විට මේ සිද්ධිය නිසා නිවාඩු දමා ඉවත් වී සිටි හිටපු මහ බැංකු අධිපතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් මහතා බුලත් හුරුල්ලක් දී මා පිළිගන්න ඉදිරියට පැමිණියා. මම පුදුමයට පත් වුණා ඔහු කොහොමද මෙතනට ආවේ කියලා. ඒ නොසන්සුන්කාරි වාතාවරණය, කලබලකාරීව හැසිරුණු ආකාරය, ඔවුන්ගේ නොසන්සුන් මානසිකත්වය මම ඒ වෙලාවේ දැක්කා. අවසානයේ රටේ බරපතළ ආර්ථික අර්බුදයක් ඇති වුණා.’

රනිල්ලා එහෙමය.

“මට රකින්න පරපුරක් නෑ’ කියූ ඔහු රටටම කෙලවුනත් මොකද වගේ සිටියේය.

*කඩල ගොට්ට විසිකළ වදුරා*

දශක හතකට වඩා වැඩි ඉතිහාසයක් ඇති පක්ෂය බින්දුවට වැටී ඉතිහාසගත පරාජයක් ලබා සිටියදීත් හන්දියක් මැද කසිප්පු බී හයිකාරකම් පෙන්වන්නට එන නොසන්ඩාලයෙක් සේ එජාපයේ  ඇතැම් දේශපාලන අතදරුවන් කටමැත දොඩවමින් සිටී  .
වදුරෙකුට කඩල ගොට්ටක් හමුවූ විට ඌ එය රැගෙන විශාල ගසක් මුදුනට නගී.අනතුරුව ඌ එයින් එක් කඩල ඇටයක් අතට ගෙන  ඒ මේ අත හරවා බලයි. ඇසිල්ලකින් කඩල ඇටය බිම වැටෙයි. වදුරා කරන්නේ කුමක්ද?.අතේ තිබෙන කඩල ගොට්ට වීසිකොට වැටුණු කඩල ඇටය සොයා ගස පාමුලට එයි.
අද එජාපයට සිදුව තිබෙන්නේ ඒකය.
ලෝක ඉතිහාසයේ මෙතරම් පරාජිත සහ මෙතරම් දිරාපත් වූ පක්ෂයක් හෝ නායකත්වයක් තිබෙන වෙනත් පක්ෂයක් සොයා ගත හැකිද?

තමන්ගේ අවසන් යට ඇදුමත් ගැලවී ගිය පක්ෂයක් අනෙකාගේ හිස්වැස්මක අඩුවක් ගැන තෙපර බායි.තමන්ට පිනට ලැබුණු එකම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය නම් නොකර එයිනුත් මහින්දට වාසිය ගෙන දුන් දේශපාලන නොදරුවන් සමගි ජනබලවේගයට පාඩම් කියා දෙන්නට ඒම දෙකොනින් හිනා යන වැඩකි.

*පතාකයින් 100ක් එලවූ නායකයා*

95න් මෙහාට රනිල්ගේ නායකත්වය යටතේ සද්ධන්ත එජාප නායකයින් 100කට වඩා  රනිල් හැරදමා ගියේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසිපස් වසරක් එජාප නායකයා ය. ඒ හා කිට්ටු කාලයක් විපක්ෂ නායකයාය. ඔහුගේ ජීවිතකාලයෙන් තුනෙන් එකක්ම ඔහු විපක්ෂ නායකයා ය.
සමහරු කියන්නේ රනිල් පක්ෂය ආරක්ෂා කළා කියාය. අමාරුම කාලයේ පක්ෂය පෙරට ගෙනාවේ රනිල් කියා සමහරු කියයි. රිලවුන් අත්තන ඇට කෑ විට ඉන්නේ නියවමින් ය. උන් සිදුවූ දේ නොදනී. කෑවේ අත්තන ඇට නිසා කරන කියන දේ නොතෙරෙයි. සත්‍ය කරුණනම් රනිල්ට වඩා හොඳින් තිස්ස අත්තනායක එජාපය රැක්ක බවය. හැම පරාජයකදීම ඔහු පැමිණ පක්ෂය වෙනුවෙන් ‘පශ්චාත් මැතිවරණ පරාජය ‘ගැන මරණ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කලේය.
එහෙම බැලූ විට තිස්ස රනිල්ට වඩා පක්ෂය වෙනුවෙන් වෙහෙසුණි.
රනිල් වික්‍රමසිංහ පක්ෂය භාර ගත්තේ හිතාමතා එය පරාජය කරමින්ය. එදා 94 ගාමිණී දිසානායක සූදානම් වූයේ එජාප ආන්ඩුව තොණ්ඩමන්ලා, අශ්‍ර රොෆ් ලා එක්ක නැවත හදන්නටය.

*ඊනියා මිස්ටර් ක්ලීන්*

එහෙත් රනිල් ඉස්සරවී ඊනියා මිස්ටර් ක්ලීන් කමක් කළේය. එය සම්පූර්ණයෙන්ම ගාමිණීගමනයට එරෙහිව කළ නරි නාඩගමකි. එදා පරාජය භාරගෙන යන්න ඉක්මන් වූ රනිල් 30වතාවක් පැරදිලත් පක්ෂය දක්ෂයෙකුට භාර දී නොයන්නේ ඇයි?
දැන් ඔහු ආපසු පාර්ලිමේන්තු එන බවක් කියයි.රනිල් කීවේ තමන් අලුත් නායකත්ව පරපුරක් හදපු බවය.ඔහු හදපු පරපුර රවී,වජිර,සාගල,කේ.කේ පියදාස වගේ නායකයෝය.

*මෙන්න පිටපත*

මේ රනිල් එන්නේ පිටපත් දෙකක් අතේ තියාගෙන ය.
1.විපක්ෂය තුල දේශද්‍රෝහී කාර්‍යභාරය ඉටුකර රටතුල විපක්ෂ විරෝධය ඉහල නැංවීම.
2.බැසිල්ගේ ඊලග සිහින පියවරට උදව් කිරීම.
රනිල් හාමු පාර්ලිමේන්තු එන්නේ ඒකට ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here