රනිල් කලුතරින් තනි වේ. විජේමාන්නත් සජිත් ලගට.

0
238

කලුතර මන්ත්‍රීවරු 11ක් සමගි ජනබලවේගයට එක්වෙති

කලුතර නගරාධිපති ආමීර් නසීර් මහතා ඇතුලු නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 11දෙනෙක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජනබලවේගය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු කිරීමට තීන්දු කළහ.

සමගි ජනබලවේගයේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම සහ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා ඇතුලු පිරිසක්ද මේ අවස්‍ථාවට සහභාගී වූහ.

ආමීර් නසීර් මහතා සමග
ජයනාත් නවරත්න,ලසන්ත කුමාර,ආර්.එන් ප්‍රියංකර,කමලාවතී ප්‍රනාන්දු ,අනූෂා ප්‍රියංගනී,ජීවනී සිල්වා,කේ.එම් ශෂිකානී,සමීර මධුසංක,සුසිල් පද්මසිරි,වසන්ත ඩයස් යන මහජන නියෝජිතයින් පිරිස මෙලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජනබලවේගයට සහය පලකරන බවට සහතික වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here