රජය නිශ්චිත විසඳුමක් දිය යුතුයි – උපුල් රෝහණ

0
365

කොවිඩ් ආසාදනයෙන් මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ දේහ භූමදානය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ඉදිරියේදී ලබාදීමට නියමිත බව සමකැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා පවසයි.

කොවිඩ් ආසාදනයෙන් මියගොස් ඇති මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භූමදානය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබාදෙන තෙක් එම මළ සිරුරු සිසිල් කළ කන්ටේනර් තුළ තැන්පත් කිරීමට ඊයේ සිට පියවර ගැණුනි.

ඒ සඳහා අවශ්‍ය සිසිල් කළ හැකි කන්ටේනර් ඉල්ලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා වෙත ලිපියක්ද යොමුකර තිබු අතර කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත මළ සිරුරු සිසිල් කළ හැකි කන්ටේනර් සපයා තිබුණි.

මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිව, උපුල් රෝහණ මහතා පැවසුවේ රජය මේ සම්බන්ධයෙන් නිශ්චිත විසඳුමක් ලබාදිය යුතු බවය.

Ada derana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here