රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක

0
149

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද(22) දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි ලේකම්, වෛද්‍ය විපුල වික්‍රමසිංහ මහතා පැවසුවේ අද උදෑසන 8.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි.

කෙසේ වෙතත් මාතෘ, ළමා සහ පිළිකා රෝහලේ සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බව ද වෛද්‍යවරයා පවසයි.

Newsfirst

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here