යුරෝපා සංගමයේ සියලු රටවල ෆයිසර් එන්නත්කරණය ඇරඹේ

0
224

යුරෝපා සංගමයේ සියලු රටවල ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණය ආරම්භ කර තිබේ.

යුරෝපා සංගමය තුළ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණ වැඩපිළිවෙල පසුගියදා ආරම්භ කෙරුණි.

ඒ යටතේ කලාපීය රටවල් සියල්ලටම ෆයිසර් එන්නත බෙදාහැර ඇති බව එම සංගමයේ සභාපතිනී උර්සුලා වෑන් ඩර් ලෙයින් පැවසුවාය.

මෙහිදී මිලදී ගෙන ඇති එන්නත් මාත්‍රා ගණන මිලියන 200කි.

තෙදිනක් පුරා ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙල අතර එය කලාපීය සාමයේ සහ එකමුතුභාවයේ උත්කර්ෂය වන බවත් යුරෝපා සංගමය පවසයි.

වැඩපිළිවෙල යටතේ ප්‍රංශය, ස්පාඤ්ඤය, බෙල්ජියම, ඉතාලිය ඇතුලු කොවිඩ් වසංගතයේ වැඩිම පීඩාවට පත් රාජ්‍යයන් සියල්ල සඳහාම එන්නතක්කරණය ආරම්භ කෙරුණි.

එහිදී වැඩහිටියන් සහ සෞඛ්‍ය අංශ සේවකයින් සඳහා වැඩි ප්‍රමුඛතාව ලබාදී තිබුණි.

මේ අතර එන්නත ලබානොගන්නා සියල්ලන්ම ලැයිස්තුගත කිරීමට ස්පාඤ්ඤය තීරණය කර තිබේ.

කෙසේ නමුත් එය අතිශය රහසිගත ලැයිස්තුවක් ලෙසින් පවත්වාගැනීමට නියමිතය.

මේ අතර, ලබන මාසයේ දී යුරෝපා සංගම් සාමාජිකත්වයෙන් නිල වශයෙන් ඉවත්වන එක්සත් රාජධානිය මේවනවිට වසංගතයේ වැඩි බලපෑමකට ලක්ව තිබේ.

ඒ එරටින් නව කොවිඩ් වෛසර ප්‍රභේදයක් හඳුනාගැනීමත් සමගය.

නවතම වාර්තා පෙන්වාදෙන්නේ එංගලන්තය තුළ කොවිඩ් ව්‍යාප්තියේ ශීඝ්‍ර වැඩිවීමක් දැකගැනීමට හැකි බවය.

අද වනවිට එංගලන්තයේ පමණක් රෝගීන් 20,000 ඉක්මවා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර එය කොවිඩ් පළමු රැල්ලේ දී රෝහල්ගතවූ පිරිස ඉක්මවා යෑමකි.

වේල්සය සහ ස්කොට්ලන්තය ද දැනුම්දී ඇත්තේ නව කොවිඩ්කාරක වෛරසය ප්‍රභේදය හේතුවෙන් එම කලාපය ද දැඩි අවදානමකට ලක්ව ඇති බවය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here