යුරෝපයේ රටවල් රැසක් තම පුරවැසියන්ට මහා බ්‍රිතාන්‍යට ඇතුළු වීමෙන් වළකින ලෙස දැනුම් දෙයි

0
247

යුරෝපයේ රටවල් රැසක් තම පුරවැසියන්ට මහා බ්‍රිතාන්‍යට ඇතුළු වීමෙන් වළකින ලෙස දැනුම් දි තිබෙනවා. ඒ මහා බ්‍රිතාන්‍යයෙන් කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් හඳුනා ගැනීමත් සමඟයි.

අයර්ලන්තය ,ජර්මනිය, ප්‍රංශය,ඉතාලිය, නෙදර්ලන්තය හා බෙල්ජියම මේ වන විටත් බ්‍රිතාන්‍යය වෙත සිදු කරන සියලුම ගුවන් ගමන් අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ. අද පැවැත්වෙන යුරෝපා සංගමයේ රැස්වීමේදී  ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එකඟතාවකට එළඹීමට නියමිතයි. ගිනිකොන දිග බ්‍රිතාන්‍යයේ හඳුනාගැනුණු නව කොරෝනා වයිරස ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන අතර ඒ පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු හෙළිව නැහැ. කෙසේ වුවද  අද සිට අදියර 04 ක් යටතේ ලන්ඩන් නගරය ඇතුළු නගර රැසක් වසා දැමීමට ලක් වන බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සඳහන් කරනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here