යුද හමුදාවෙන් කෘෂි හමුදාවක්

0
252

යුද හමුදාවේ කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය නිල වශයෙන් අද (07) ආරම්භ කෙරුණා.

බත්තරමුල්ල,  පැලවත්ත යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නව බලකාය ආරම්භ කිරීම සිදුවුණා. රටේ ආහාර සුරක්ෂිතතාව ඇතිකිරීම හා ආහාරවලින් ස්වයංපෝෂිත කිරීම සදහා යුද හමුදාවේ දායකත්වය ලබාදීම අරමුණුකර ගනිමින් නව බලකාය පිහිටුවීම සිදුකර තිබෙනවා.

යුද හමුදා කෘෂි හා පශු සම්පත් අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් කදනආරච්චි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

Itn

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here