යුක්‍රේනයෙන් කසළ ගෙන්වීම ගැන ව්‍යාපාරිකයින් 8 දෙනෙකුගෙන් ප්‍රශ්න කෙරේ..

0
247

යුක්‍රේනයේ සිට මෙරටට කසළ කන්ටේනර් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින් 8 දෙනෙකුගෙන් ප්‍රශ්න කරමින් ඇතැයි රේගුව පවසයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, අදාළ බහාලුම් තුළ අඩංගු ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා අඛණ්ඩව පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

මේ අතර අදාළ සිද්ධියට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පරිසර යුක්ති කේන්ද්‍රය අවධාරණය කළේ ය.

යුක්‍රේනයේ සිට මෙරටට ගෙන ආ කසළ තොගයක් පිළිබඳව අනාවරණය වන්නේ පසුගිය දින කිහිපයේදී ය.

එලෙස මෙරටට කසළ බහාලුම් 28 ගෙනවිත් තිබුණේ කොත්තමල්ලි ආනයනය කරන මුවාවෙන් ය.

පසුගිය 10 වැනිදා බාහාලුම් 8 ක් මෙන්ම, 21 වැනිදා බහාලුම් 20 ක් ආනයනය කොට තිබුණේ යුක්රේනයේ පිහිටි ඇග්‍රොනිකා ට්‍රේඩ් (Agronika Trade) නම් ආයතනයකින් ය.

එහි බදු රහිත රේගු වටිනාකම රුපියල් ලක්ෂ 756 කට ආසන්නයි.

මේ වන විට රේගු භාරයට ගෙන ඇති අදාළ බහාලුම් තොගයෙන් 24 ක් කොළඹ වරාය තුළ ඇති අතර තවත් බහාලුම් 4 ක් ශ්‍රී ලංකා රේගුවේ බහාලුම් පරීක්ෂා කිරීමේ අංගනයේ තැන්පත් කර තිබේ.

Newsfirst .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here