මොන තර්ජනයටත් බය වෙන්නේ නෑ; පාතාලය නැත්තටම නැති කරනවා – ආරක්ෂක ලේකම්

0
237

තර්ජන ගර්ජනවලට බිය නොවී රටේ අනාගත පරපුරට නිදහසේ ජීවත් වීමට හැකි වටපිටාවක් සකස් කිරීමට නියත වශයෙන් ම කටයුතු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

කොළොම්තොට අභිනන්දන සාහිත්‍ය උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළා.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධාන කළ කොළඹ දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතායි. ප්‍රවීන කලාකරුවන් පිරිසකට මෙහිදී සම්මාන පිරි නැමුණා. කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි දරුවන් රචනා කළ ළමා පොත් නවයක් ද මෙහිදී එළි දැක්වුණා.

ITN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here