මැතිවරණයෙන් පසු ශ‍්‍රීලනිපය සමග ආණ්ඩුවක් පිහිටුවන බව එජාපය කියයි..

0
373

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරන්නේ ඉදිරි මැතිවරණයේදී තම සන්ධානය ආසන 90ක් ජයගතහොත් ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව තිබෙන බවයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ එවන් තත්ත්වයකදී තම පක්ෂයට සහාය දක්වනු ඇති බවද ඔහු කියා සිටියේය.

මහ ලේකම්වරයා මේ අදහස් පල කරන ලද්දේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here