මානව හිමිකම් වාර්තාවට එරෙහිව ඉතාලියේ ශ්‍රී ලාංකිකයින් විරෝධතාවයක

0
167
Sri lanka flag with Italy flag, 3D rendering

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවට විරෝධය පළ කරමින් ඉතාලියේ මිලානෝ නගරයේදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

මිලානෝ චෙන්ත්‍රාලේ ප්‍රධාන දුම්රියපොළ ඉදිරිපිට පැවති මෙම විරෝධතාව සංවිධානකර තිබුණේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසිනි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී, මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එම වාර්තාව ඉදිරිපත් කර තිබුණි.

ඉතාලියේ දැනට පවත්නා දැඩි කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද ශ්‍රී ලාංකීකයින් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණය සඳහා සහභාගී වී ඇත.

නිරෝධායන නිතී රීතිවලට අනුකූලව පැවැත්වූ මෙම උද්ඝෝෂණය සඳහා පොලිස් ආරක්ෂාවද ලබා දී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here