මහා බ්‍රිතාන්‍යයේ සියලු වැසියන් අත්‍යවශ්‍යම කරුණකට හැර නිවාසවලින් බැහැරට නොයා යුතු බව එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසනවා

0
246

මහා බ්‍රිතාන්‍යයේ සියලු වැසියන් අත්‍යවශ්‍යම කරුණකට හැර නිවාසවලින් බැහැරට නොයා යුතු බව එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසනවා.

මහා බ්‍රිතාන්‍යයට අයත් එංගලන්ය, වේල්සය,ස්කොට්ලන්තය හා අයර්ලන්තයට පනවා ඇති වසා දැමීමේ නීති පෙබරවාරි මස වනතෙක් ක්‍රියාත්මක වන බවයි ඔහු තවදුරටත් නිවේදනය කරන්නේ. පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන තවදුරටත් වසා දමා තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළදී ආසාදිතයින් හා කොරෝනා මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවටයි අග්‍රාමාත්‍යවරයා අනතුරු අගවන්නේ. ඒ හේතුවෙන් ජනතාව අවබෝධයෙන් යුතුව ක්‍රියා කළ යුතු ආකාරය ඔහු පෙන්වා දෙනවා. ලබන මාසය ඇතුළත දී ප්‍රමුඛතා ලැයිස්තුවේ සියලු දෙනාට වයිරසයට එරෙහි එන්නත ලබාදීමට බලාපොරොත්තු වන බවද බොරිස් ජොන්සන් මාධ්‍ය හමුවේ පවසා සිටියා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here