” *මහා පාවා දෙන්නා” රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්තුව ගෙන පාර්ලිමේන්තු එයි.*

0
381

සම්පූර්ණයෙන්ම රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්තුවක්

මන්ත්‍රීකම ගන්නේ රාජපක්ෂලා වෙනුවෙන්

එජාපයේ අන්තිම කනුව අකිලත් ගැලවෙයි

රෙද්දක් ඇදගෙනද රනිල් එන්නේ- හිතවතුන් පවා අසයි.

අගමැතිවරයෙකු ලෙස කටයුතු කර ඊට පසු මැතිවරණයකදී බින්දුවට වැටුනු ලෝකයේ එකම අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ.

රාජපක්ෂ  ආණ්ඩුවේ  දී රජයේ සාක්කි කාරයෙකු ලෙස ක්‍රියා කිරීමයි.

රනිල් වික්‍රමසිංහ සඳහා එකසිය ගණනකින් යුක්ත ආරක්ෂක බල ඇනියක් වත්මන් ආණ්ඩුව විසින් ලබා දී තිබේ

” *මහා පාවා දෙන්නා” රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්තුව ගෙන පාර්ලිමේන්තු එයි.*

රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම තබන ගිනස් වාර්තා අතර තවත් අලුත් ගිනස් වාර්තාවක් තබා තිබේ. අගමැතිවරයෙකු ලෙස කටයුතු කර ඊට පසු මැතිවරණයකදී බින්දුවට වැටුනු ලෝකයේ එකම අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ ලෙස ඔහු පසුගියදා ගිනස් වාර්තාවක් තැබූ අතර පක්ෂයක් බින්දුවට හින්දවීමෙන් පසුවත් පක්ෂ නායකත්වය අත හැර නොයන ලෝකයේ එකම පක්ෂ නායකයා ලෙස ඔහු දෙවන ගිනස් වාර්තාවක් ද තැබුවේ ය.

ඔහුගේ තුන්වන  ගිනස් වාර්තාව වූයේ තමා අගමැතිව සිටියදී තමා විසින්ම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර තම ආණ්ඩුුව විසින්ම ගොඩ නගන ලද ආයතන වලට එරෙහිව රාජපක්ෂ  ආණ්ඩුවේ  දී රජයේ සාක්කි කාරයෙකු ලෙස ක්‍රියා කිරීමයි.

රනිල් තරම් පාවා දෙන්නෙක් ලෝක ඉතිහාසයේ හෝ නැත. *ඔහු මෙවර චම්පික,මංගල,මලික්,ෆොන්සේකා ,හකීම්,අනුර දිසානායක සම්පන්දන්,මනෝ,සුමන්තිරන් , මෙන්ම වැලිඅමුණ,ජයම්පති  වැන්නන්ද පාවා දී ඇත්තේ තම ඒකායන පැවැත්ම උදෙසාය.*

ගිනස් වාර්තාව තැබූ හැටි…

——————-

පැන්සොන් විනිසුරෙක් වන උපාලි අබේරත්න ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන් පිලිබඳ සොයා බලන ජනාධිපති කොමිසමයමේ කැඳවීමකට අනුව පසුගිය සැප්. 4 වෙනිදා එහි ගිය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී මාධ්‍ය නොමැතිව සාක්කියක් දුන්නේ ය. සාක්කි දීමෙන් පසු මාධ්‍යයට ඔහු කිසිදු ප්‍රකාශයක් නොකරම යන්නට ගියේ ය. ඔහුගේ සම්පූර්ණ සාක්කිය කුමක්දැයි කොමිසම ද මාධ්‍යයට අනාවරණය නොකළ නමුත් රජයේ සහ රජයට ගැති මාධ්‍ය විසින් වාර්තා කෙළේ රනිල්ගේ යුගයේ දී හැදූ ‘දූෂණ විරෝධී ලේකම් කාර්යාලය’ විසින් ‘සියලු දේ’ ක්‍රියාත්මක නොකළ බවත්, ‘නීති විරෝධී’ දේවල් ද සිදු කර ඇතැයි රනිල් වික්‍රමසිංහ කොමිසම හමුවේ කී බවයි. ඒ කියන ‘සියලු දේ’ මොනවාද ‘නීති විරෝධී දේවල්’ මොනවාද කියා සඳහනක් තිබුනේ නැත. පසුව රනිල් වික්‍රමසිංහ එකී මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කර තිබුනේ ද නැත.

ඉන් පසුව  කොමිසමේ සභාපති උපාලි අබේරත්න ප්‍රකාශ කර සිටියේ රනිල් වික්‍රමසිංහ රජයේ සාක්කි කරුවෙකු ලෙස කොමිසම විසින් සලකන ලද බවයි. එයද රනිල් අද දක්වා ප්‍රතික්ෂේප  කර නැත. ඒ නම් විත්තිකරුවෙකු ලෙස කොමිසම හමුවට කැඳවූ රනිල් වික්‍රමසිංහ දැන් රජයේ සාක්කි කරුවෙක් වී ඇති බවයි.

‘එෆ්සීඅයිඩිය’ මෙන්ම ‘දූෂණ විරෝධී ලේකම් කාර්යාලය’ ද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාව සිටි කාලයේ ඔහු විසින්ම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරමින් ගොඩ නගන ලද ආයතනයන් විය. ඒවායේ ක්‍රියාකාරම් ගැන දැන් ඔහු වගවීම අතහැර ඒවායේ ක්‍රියා කළ රජයේ නිලධාරීන් වෙත වගකීම පවරා අත සෝදා ගෙන ඇති බව මෙයින් පැහැදිලිය. මෙවැනි ක්‍රියාවක් කළ ලෝකයේ එකම හිටපු අගමැතිවරයාද වන්නේ රනිල් වික්‍රමසිංහ ම ය. ඒ අනුව එයද රනිල් තැබූ ගිනස් වාර්තාවකි.

මෙම ජනාධිපති කොමිසමයමද ගිනස් වාර්තාවකි. උපාලි අබේරත්න  විශ්‍රාම යෑමට පෙර රස්සාව කරද්දී  නීති විරෝධී ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන ලද විනිසුරුවරයෙක් වන අතර සෙසු සාමාජිකයන් ගෙන් අයෙක් වන චන්ද්‍රසිරි ජයතිලක නම් හිටපු අභියාචනාධිකරණ විනිසුරා ද නඩු තීන්දුවක් සඳහා රුපියල් මිලියන දෙක හමාරක් පගාව ගත් බවට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත් වූ නමුත් දේශපාලන උදව් වලින් විමර්ශන වලින් ගැලවී සිටියෙකි. එකී පැමිණිල්ලේ දී ඔහු රාජකාරි කළ උසාවියේ ආරච්චිල පවා ඔහු පගාව ගත් බවට සාක්කි කියා තිබිණ. අනෙක් සාමාජිකයා වන හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති යුගයේ පත් කරන ලද ජනාධිපති කොමිසමකින් බලය අයුතු ලෙස භාවිතා කිරීම යටතේ වරදකරු වූවෙකි. ජනාධිපති කොමිසමකින් වරද කාරයෙක් වූ අයෙක් පසුව තවත් ජනාධිපති කොමිසමක සාමාජිකයෙක් වීම ද ගිනස් වාර්තාවකි.

කෙසේ වෙතත් මේ වන විට මන්ත්‍රීධූරයක්වත් නොමැති රනිල් වික්‍රමසිංහ සඳහා එකසිය ගණනකින් යුක්ත ආරක්ෂක බල ඇනියක් වත්මන් ආණ්ඩුව විසින් ලබා දී තිබේ. එමෙන්ම ඔහු අගමැතිධූරය දැරූ කාලයේ දී එවකට විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් වරයෙක් පමණක් වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත හාර සිය ගණනකින් යුක්ත එස්ටීඑෆ් බල ඇනියක් ආරක්ෂාව සඳහා ලබා දී තිබිණ.

තීරණාත්මක විසිවෙනි සංශෝධනය වෙලාවේත් රාජපක්ෂලා සමග ඩීල් දමා ජාතික ලයිස්තු අසුන පත්නොකළ රනිල් අයවැයේදීත් එය  හැරියේය.

මේ වනවිට එජාපය කියා එකක් නැත.මහලේකම් අකිල ඉල්ලා අස්වීමේ ලිපිය ලීවේ රනිල් පාර්ලිමේන්තු යන්න තීන්දු කීරීමත් එක්කමය.

” *මට රකින්න පරපුරක් නෑ”* කියා පාරම් බෑ රනිල් තරම් කුහක අදෝවාතයක් ලොවෙත් නැත.

. ‘මුළු ලොව මේ රටට යටයි’ කියා 1965 දී මහගම සේකර ලිව්වේ මේ අපූරු  සම්ප්‍රදාය අනුදැන විය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here