බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට අත්සන් කළා -අමාත්‍ය සරත් වීරසේකර

0
169

බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට තමා අත්සන් තැබු බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

කළුතර මුණසිංහ ආරාමයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා එම අදහස් පළ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එය මෙරට ජාතික ආරක්ෂාවට ඍජුව බලපාන බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“ අපි දන්නවා අපි පුංචි කාලයේ දීත් ඕන තරම් මුස්ලිම් යාළුවෝ හිටියා. මුස්ලිම් ගැහැණු දරුවෝ බුර්කාව පැළඳගෙන හිටියේ නෑ. ඒක ඊයේ පෙරේදා ආපු ආගමික අන්තවාදී සංකේතයක්.ඒක අනිවාර්යෙන්ම තහනම් කරනවා. ඒ වගේම තමයි මද්‍රසා පාසල්. මෙරට මද්‍රසා පාසල් තියෙනවා 2000කට වැඩි ප්‍රමාණයක්. අපි කාටවත් පුළුවන්කමක් නෑ පාසලක් විවෘත කරලා ඕන ඕන දේවල් ළමයින්ට උගන්වන්න. අවුරුදු 5 සිට 16 දක්වා සියලුම දරුවෝ මේ රටේ ඉපදෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් අනුව තමයි අධ්‍යාපනය ලබන්න ඕනේ. ඒ නිසා එහෙම ජාතික අධ්‍යාපනයක් අනුව ලියාපදිංචි නොවුණ 1000කට වඩා තියෙන මද්‍රසා පාසල් තහනම් කරන්නත් අපි හෙට අනිද්දා කටයුතු කරනවා. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here