බටහිර පකිස්තානයට ත්‍රස්ථ ප්‍රහාරයක්

0
156

බටහිර පාකිස්තානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ සේවය කරමින් සිටි කම්කරුවන් පිරිසක් ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් විසින් මරාදමා තිබේ.

පාකිස්තාන මාධ්‍ය වාර්තා පැවසුවේ එසේ මරාදමා ඇත්තේ ගල්අඟුරු ආකරයක සේවය කරමින් සිටි 11 දෙනෙකු බවය.

එම පුද්ගලයින් ව ත්‍රස්තවාදීන් විසින් පැහැරගැනීමෙන් අනතුරුව සෙනසුරාදා (02) වෙඩිතබා ඝාතනය කර තිබේ.

එසේ මියගොස් ඇති පුද්ගලයින් හසාරා නම් ෂියා මුස්ලිම් ජන කොටසට අයත්ය.

මෙම ඝාතනය ගැන අදහස් දක්වමින් අගමැති ඉම්රාන් ඛාන් පැවසුවේ ප්‍රහාරය “අමනුෂ්‍ය ත්‍රස්ත ක්‍රියාවක්” බවය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here