පෞ. බස් වර්ජනය ගැන අද තීරණාත්මක සාකච්ඡාවක්

0
150

බස් හිමියන්ගේ වෘත්තීය සමිති සහ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, එම සාකච්ඡාවෙන් අනතුරුව හෙට දිනයේදී පැවැත්වීමට නියමිත දීප ව්‍යාප්ත වැඩ වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීමට නියමිත බවයි.

පෞද්ගලික බස් රථවල ලීසිං පොලි අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් හෙට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ගැමුණු විජේරත්න මහතා මීට පෙර ප්‍රකාශ කළේ ය.

මේ අතර , ලංකා ගමන ගමන මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අද සිට නැවත දැනුම් දෙනතුරු අවලංගු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here