පොළොන්නරුව හරහා හමා ගිය තද සුළගින් නිවාස රැසකට හානි

0
84

අධික වර්ෂාව සමඟ පොළොන්නරුව ප්‍රදේශය හරහා හමා ගිය තද සුළගින් නිවාස රැසකට හානි සිදුව තිබෙනවා. එක් පුද්ගලයෙකුද මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොළොන්නරුව, බකමූණ, ගල්මුල්ල ප්‍රදේශයේදී විදුලි රැහැන් පද්ධතිය මතට ගසක් කඩා වැටීමෙන් එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි 46 හැවිරිදි පුද්ගලයෙකු විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්වුණා.

මැදිරිගිරිය, කුමුදුපුර ග්‍රාමයේ නිවාස 5 කට හා ලංකාපුර නිවාස 8 කට හානි සිදුව ඇති බවයි පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා සදහන් කළේ.

ප්‍රදේශයේ වගාබිම් කිහිපයකට ද තද සුළං හේතුවෙන් හානි සිදුව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here