පිලිප් කුමරුගේ දේහය පිළිබඳ රාජකීය අවමංගල්‍ය උත්සවය අද

0
90

අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරුගේ දේහය පිළිබඳ රාජකීය අවමංගල්‍ය උත්සවය අද (17) පැවැත්වේ.

වින්සර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානය සහ ක්‍රීඩාංගණය ආශ්‍රිතව අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට නියමිතය.

එරට වේලාවෙන් අද පෙරවරු 11.00ට පමණ එම කටයුතු ආරම්භ වන අතර විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා පිලිප් කුමරුට ගෞරව කිරීමට ද සැලසුම් කර තිබේ.

කොවිඩ් – 19 තත්ත්වය හේතුවෙන් අවමංගල්‍ය උත්සවයට මහජනයාට සහභාගීවීමට අවස්ථාවක් නොමැති අතර එළිසබෙත් රැජින ඇතුළු රජ පවුලේ සමීපතමයින් 30 දෙනෙකුට පමණක් එම අවස්ථාවට සහභාගීවීමට අවසර හිමිව ඇත.

පිලිප් කුමරු පසුගිය අප්‍රේල් 09 වනදා අභාවප්‍රාප්ත වූ අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 99ක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here