පැහැර ගත් හිමිනමගේ දේහය සුසාන භූමියකින් සොයා ගැනේ

0
182

පැහැර ගැනීමට ලක් වූ හංවැල්ල, කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ හිමි නමගේ දේහය කොටදෙණියාව නාවාන ප්‍රදේශයේ සුසාන භූමියකින් සොයා ගෙන තිබේ.

අදාළ ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේ දෙනමක් විසින් මෙම මෘත දේහය තම ගුරු හිමියන්ගේ බවට හඳුනාගනු ලැබ තිබේ.

පූජ්‍ය උඩුවිල ධම්මසිරි නමැති 65 හැවිරිදි එම හිමි නම පසුගිය 02 වැනිදා පැහැර ගැනීමට ලක්විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මීට අමතරව පැහැර ගැනීමට භාවිත කළ බව පැවසෙන වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

Newsfirst

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here