පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ගැන සමගි ජනබලවේගයේ තීරණය සඳුදා

0
203

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පෙර එම කොමිෂන් සභා වාර්තාවේ සියලු වෙළුම් ප්‍රසිද්ධ කළ යුතු බව සමගි ජනබලවේගය පවසනවා. එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ලබන 10 වනදා පැවැත්වීමට දින යොදාගෙන ඇති එම විවාදය සම්බන්ධයෙන් සිය පක්ෂයේ තීරණය එළඹෙන සඳුදා පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගන්නා බවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here