පාස්කු කොමිෂන් වාර්තාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට

0
166

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව හෙට (10) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.

ජනාධිපති කොමිෂන් සභා වාර්තාව රජය විසින් ගෙන එනු ලබන කල්තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

හෙට පෙරවරු 11 සිට පස්වරු 5.30 දක්වා  පාස්කු කොමිෂන් සභා වාර්තාව විවාදයට ගැනෙන බව පාර්ලිමේන්තු මහාලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේය.

එම විවාදයේ දි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here