පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලා කටුවාපිටිය මීසම් වාසි ජනතාව ගරු පියතුමන්ලා සමඟ පාරට බසියි

0
560

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලා කටුවාපිටිය මීසම් වාසි ජනතාව ගරු පියතුමන්ලා සමඟ පාරට බැස තිබෙනවා.

යුක්තිය ලැබෙන තුරු රැල්ල කැරැල්ලක් කිරීමට කාලය එලැඹ ඇති බව පවසමින් වසර දෙකකට ආසන්න කාලයක් ඉටු නොවුනු යුක්තිය ඉල්ලා ගරු පියවරුන් පෙරටු කරගනිමින් ජනතාව මෙලෙස පාරට විත් යුක්තිය ඉල්ලමින් සාමකාමී විරෝධයක නිරත වී තිබෙනවා.

මෙම අවස්ථාවට කටුවපිටිය ජනතාව පෙරටුව අගරදගුරු පදවි සහයක රදගුරු අති උතුම් J. D. ඇන්තනී හිමිපාණන්, කටුවාපිටිය මීසම් සේවක ගරු මංජුල නිරෝෂන් පියතුමන් ඇතුළු මීගමුවේ මීසම් රැසක් නියෝජනය කරමින් ගරු පූජාප්‍රසාදීන් වහන්සේලා රැසක් සහභාගී වී සිටියා.

උපුටා ගැනීම Sri Lanka Catholic News ෆෙස්බුක් පිටුවෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here