පාකිස්ථාන අගමැති බිරිඳටත් කොරෝනා

0
151

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙන්ම ඔහුගේ බිරිඳ බුෂ්රා බීබී ටත් කොරෝනා ආසාදනය වී ඇති බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කළා.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට කොරෝනා ආසාදනය වී ඇත්තේ ඔහුට චීන සිනොෆාම් කොරෝනා එන්නත ලබාදී දින දෙකකට පසුවයි.

කෙසේ නමුත් පාකිස්ථාන ජාතික සෞඛ්‍ය සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයා කොරෝනා වෛරසයට එරෙහිව පූර්ණ එන්නත්කරණයක් ලබා නොමැති බවයි.

පළමු මාත්‍රාව ලබාදී දින දෙකක් තුළ ක්‍රියාකාරීවීමට කිසිදු කොරෝනා එන්නතකට හැකියාවක් නොමැති බවයි එමඟින් සඳහන් කළේ.

වෛරසයට එරෙහි ප්‍රතිදේහ ගොඩනැගෙන්නේ කොරෝනා එන්නතක දෙවන මාත්‍රාව ද ලබාදී සති දෙකත් තුනත් අතර කාලයකින් අනතුරුව බවයි පාකිස්ථාන ජාතික සෞඛ්‍ය සේවා අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කොරෝනා ආසාදනයේ සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර, ඔහු සිය නිවහන තුළ ස්වයං නිරෝධායනයට ලක්වන බව ඔහුගේ පෞද්ගලික වෛද්‍ය ෆයිසාල් සුල්තාන් ප්‍රකාශ කළා.

එමෙන්ම ඔහුගේ තත්වය පිළිබඳව අඛණ්ඩ අවධානයෙන් පසුවන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාට ඉක්මන් සුවය පතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම පාකිස්ථානයේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා කළේ පසුගිය ජූලි මාසයෙන් පසු ඉහළම අගයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here