ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළට

0
130

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 04 කින් පමණ ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගත වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලය සහ වව්නියාව ප්‍රදේශවලින් වාර්තා වූ බවය.

එම අගය සෙල්සියස් අංශක 36.8 කි.

රත්මලාන, කොළඹ , ගාල්ල සහ මන්නාරම ප්‍රදේශවල ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 04 කින් පමණ ඉහළ ගොස් තිබේ.

පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට අද දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here