ප්‍රදේශ කිහිපයකට මහ වැසි: ගෙවුණු පැය 24 වැඩිම වර්ෂාපතනය ඉංගිරියට..

0
41

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අගය මිලිමීටර් 326.5ක් ලෙස සටහන් වී තිබුණි.

මීට අමතරව, පස්යාල, දන්සල් වත්ත ප්‍රදේශයට මිලිමීටර් 287ක්, හොරණට මිලිමීටර් 244.5ක් ලෙස සටහන්ව තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවය හැකි බවය.

දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි වේ.

මේ අතර කළු ගගේ, ඉංගිරිය, හොරණ, මදුරාවල සහ මිල්ලනිය ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යට විය හැකි බැවින් ඒ පිළිබඳ විමසිලිමත්වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here