ප්‍රංශයේ පළමු කොරෝනා රෝගීයා වාර්තා වී ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේ බවට බවට අනාවරණය වී තිබේ.

0
343

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දෙසැම්බර් 27 වැනි දා නිව්මෝනියා රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගත් රෝගියෙකුගේ වාර්තා අනුව මෙම හඳුනා ගැනීම කර ඇති බවයි.

ප්‍රංශයේ පළමු කොරෝනා ආසාදිත රෝගීන් තිදෙනා පසුගිය ජනවාරි 24 වැනි දා හමු වූ බව මීට පෙර වාර්තා විය.

මෙලෙස අලුතින් හඳුනා ගත් 50 හැවිරිදි පුද්ගලයා මේ වනවිට සම්පූර්ණයෙන් සුවය ලබා ඇතත්, ඔහුට වෛරසය වැළඳුණේ කෙසේ ද යන්න මෙතෙක් තහවුරු කර ගෙන නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here