ප්ලාස්ටික් මෙන්ම පොලිතීන් නිෂ්පාදන 5 ක් තහනම් කිරීමේ ගැසට් නිවේදනයට පරිසර ඇමති අත්සන් තබයි

0
185

ප්ලාස්ටික් මෙන්ම පොලිතින්වලින් කෙරෙන නිෂ්පාදන පහක් තහනම් කිරීමේ ගැසට් නිවේදනයට පරිසර ඇමති මහින්ද අමරවීර මහතා අත්සන් තබයි.

මයික්‍රෝන 20 ට අඩු ලන්ච් ෂීට්, ප්ලාස්ටික් බෝතල්, සැෂේ පැකට්, මාර්ග අසල අලෙවිකරන සුළං පුරවන සෙල්ලම් භාණ්ඩ ආදිය මේ අනුව තහනම් කෙරෙනවා. ගැසට් පත්‍රයට අනුව ලබන අප්‍රේල් මාසයේ සිට මේවා අලෙවි කිරීම තහනම් වන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරුණේ.

සේරුවාවිල රත්‍රං නිධියක් පිළිබද පසුගිය දිනවල මාධ්‍යය මගින් පලවූ වාර්තා සම්බන්ධයෙන් ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් ප්‍රකාශ කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here