පළාත් සභා මැතිවරණයට අදාළව හෙට තීන්දුවක්

0
140

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීති සංශෝධනය කිරීම පිළිබඳ අවසන් තීන්දුව හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඒ අතර කුමන ක්‍රමවේදයක් යටතේ හෝ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය රජයෙන් ඉල්ලා සිටී.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විකල්ප යෝජනා දෙකක් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය සතියේදීය.

පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීම හෝ නව පනත සංශෝධනය කර මිශ්‍ර ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීම එම යෝජනාවන් වේ.

ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව හෙට (29) කැබිනට් මණ්ඩලයේදී ගැනීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here