පළමු විස්සයි 20 ජය කොදෙව්වන්ට – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

0
174

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම සමත්විය.

තරගයේ කාසිය වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුනි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් බිඳවැටී ලකුණු 131ක් ලබාගත්තේය.

එහිදී, සිය පළමු විස්සයි 20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක ලකුණු 39ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි.

ලකුණු 132ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 13යි  එක් පන්දුවක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 134ක් ලබා තරගයේ ජය වාර්තා කළේය.

පන්දු යැවීමේදී අකිල ධනංජය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පිට පිටම කඩුලු තුනක් දවා ගැනීමට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here