පසුබෑමකට සජිත්ට මුහුණ දෙන්න වෙනවා-ශාන්

0
361

ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ලබාගත් ජන්ද ප්‍රමාණය මෙවර මහ මැතිවරණයේදී සීඝ්‍ර පසුබෑමකට ලක්වන බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ශාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.

අම්බලන්ගොඩදී ඊයේ(02) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ, පසුගිය අවුරුද්දේ පැවති ජනාධිපතිවරණයේ දී ඍජු අපේක්ෂකයා වුයේ සජිත් ප්‍රේමදාස මහතා බවයි.

නමුත් එම අවස්ථාවේ දී ජනතාව විසින් යම් දේශපාලන තීන්දුවක් දෙන ලැබු බවත් පැවසු හිටපු ආණ්ඩුකාරවරයා, එම අවස්ථාවේ දී වැඩි ඡන්ද ලක්ෂ 14 කින් සජිත් ප්‍රේමදාස මහතා පරාජය වු බවත් පැවසීය.

එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයා තුළ සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරනු ඇතැයි යම් හැඟීමක් පැවති මොහොතක එවැනි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් නමුත් අද වන විට එම කැමැත්තේ යම් සීඝ්‍ර පසුබෑමක් පවතින බවත් ශාන් විජේලාල් මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

නිසැක වශයෙන්ම පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී මෙම ප්‍රතිඵලයට ‍ප්‍රේමදාස මහතාට මුහුණ දීමට සිදුවන බවත් ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here