පරිසර නීති උල්ලංඝණය කිරීම්වලට අදාළ වැටලීම්…

0
128

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පොලිස් විශේෂ කාර්ය බලකාය බද්දේගම, කිඹිල්ල රක්ෂිත ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතයක අනවසරයෙන් දැව කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති අතර ගස් කැපීමට යොදා ගත් යන්ත්‍රයක් ඇතුළු දැව කඳන් 30කට වැඩි සංඛ්‍යාවක් ද විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.

මීට අමතරව කැබිතිගොල්ලෑව, දුටුවැව රක්ෂිතයේ අක්කර එක හමාරක් පමණ එළි කරමින් සිටි පුද්ගලයින් දෙදෙනකු
බැකෝ යන්ත්‍රයක් ද සමග අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කැබිතිගොල්ලෑව පොලීසියට භාර දී තිබේ.

තව ද කතරගම, දබේ ප්‍රදේශයේ අනවරසයෙන් වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයෙකු , වැලි ‌ගොඩ දැමීමට යොදා ගන්නා යන්ත්‍රයක් ද සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ.

මේ අතර වනාන්තර එළි කිරීම, පරිසර දූෂණය වැලි ගොඩදැමීම , ජලය අපවිත්‍රවන ආකාරයේ සිදු කිරීම ආදි පරිසරයට හානි කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් පොලීසිය නිරන්තර අවධානයෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය .

Newfirst

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here