පකිස්ථානයේ සිට මෙරටට පැමිණි සිසුන් පිරිස නිරෝධායනයට

0
331

කොරෝනා වෛසරය හේතුවෙන් ගුවන්තොටුපොළ වසා දැමීමත් සමග උසස් අධ්‍යාපනය හැදෑරීමට පකිස්ථානයට ගොස් ඊයේ මෙරටට පැමිණි සිසුන් පූනානි සහ වයික්කාල් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

ගුවන්තොටුපොළ වසා දැමීමත් සමග මෙරටට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ඊයේ ආරම්භ විය.

ඒ යටතේ උසස් අධ්‍යාපනය හැදෑරීමට පකිස්ථානයට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි සිසුන් 113 දෙනෙකු ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණයහ.

සුව පිරිස විශේෂ සෞඛ්‍ය පරීක්ෂාවකට යොමු කෙරිණි.

 

ඒ අනුව ඊයේ රාත්‍රීයේ යුද හමුදාවේ මැදිහත් වීමෙන් ඔවුන් පූනානි සහ වයික්කාල් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සිදු විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here