පක්‍ෂය, ලකුණ අදාලම නෑ.. මගේ නායකයා සජිත්..- බදියුදීන්

0
320

එක්සත් ජාතික පක්ෂය විසින් මෙවර මහමැතිවරණයේදී යොදා ගන්නා ලද පක්ෂ ලාංඡනය කුමක් වුවද තම පක්ෂය මෙවර මහමැතිවරනෙයේදී තරඟ කරනු ලබන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ බවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පැවසුවේය.

හිටපු අමාත්‍ය වරයා මේ බව පවසා සිටියේ ඊයේ (24) දින වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ සමස්ත ලංකා මහජන කොන්ග්‍රස් පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ

‘සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන්නේ අලියාද හංසායාද යන්න තමන්ට කිසිදු ගැටලුවක් නොමැති බවටත් තම පක්ෂය මේ වන විට තීරණය කොට ඇත්තේ ඉදිරි මහමැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා විසින් ගොඩනගාගන්නා මැතිවරණ ක්‍රියාවලිය සමග බවටය.

එමෙන්ම තම පක්ෂය සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධ කර නොගන්නා බවට කිසිදු දැනුම් දීමක් තමන්ට සිදු කොට නොමැති අතර ඉදිරි මහමැතිවරණයේදී වන්නි දිස්ත්‍රීක්කයෙන් තම පක්ෂය තරඟ කිරීමට සියල්ල සූදානම් කරමින් සිටින බවටද හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වැඩි දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here