නුවරඑළිය තුරග තරග පිටියේ සංවර්ධන කටයුතු ඇරඹෙයි

0
217

රුපියල් මිලියන 700 ක වියදමින් නුවරඑළිය තුරගතරග පිටිය සංවර්ධනය කෙරෙනවා. එම සංවර්ධන ව්‍යාපෘතිය අද (22) පෙරවරුවේ ආරම්භ කෙරුණේ අමාත්‍ය සී බී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

නුවරඑළිය තුරග තරග පිටිය දීර්ඝ කාලයක් පුරා නිසි ලෙස සංවර්ධනය නොවීම හේතුවෙන් තරග පැවැත්වීමට නොහැකි වී තිබුණා. නව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තුරග ධාවන පථය ප්‍රතිසංස්කරණය මෙන්ම ක්‍රිකට්,  පාපන්දු,  රගර් ක්‍රීඩා සදහා ක්‍රීඩාංගන 3 ක් ඉදි කිරීමට ද නියමිතයි. ක්‍රීඩකයන්ට අවශ්‍ය විවේකාගාර හා ප්‍රේක්‍ෂකාගාර මෙන්ම රථ ගාල ඇතුලු පහසුකම් රැසක් ස්ථාපනය කිරීම ද මෙම සංවර්ධන ව්‍යාපෘතියට ඇතුළත්.

මීට අමතරව තුරග තරග පිටිය හා ග්‍රෙගරි වැව අතර ප්‍රදේශයේ මෝටර් රථ ධාවන පථයක් ද ඉදිකිරීමට යෝජිතයි. අමාත්‍ය සී බී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු අද ආරම්භ වූ අතර එස් බී දිසානායක හා නිමල් පියතිස්ස යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ඊට සහභාගි වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here