නුවරඑළියේ සංචාරයට පැමිණෙන්නට එරෙහිව නිරෝධායන නිතිය යටතේ ක්‍රියා කරනවා : දිස්ත්‍රික් ලේකම් දැනුම් දෙයි

0
221

රටේ උද්ගතවී ඇති වසංගත තත්වය මත නැවත දැනුම් දෙන තුරු නුවරඑළියේ විනෝද චාරිකා පැමිණිමෙන් වැලකි සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අද (29) දින මාධ්‍යට වි‍ශේෂ ප්‍රකාශයක් කරමින් දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කලේ එසේ පැමිනෙණ පුද්ගලයන් හට නිරෝධායන නීති අනුව කටයුතු කරිමට අවශ්‍ය පියවර ගරනීමට අදාලව ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවයි.

නුවරඑළිය නගරයේ පිහිටි වික්ටෝරියා උද්‍යාණය සහ ග්‍රේගරි වැව උද්‍යාණය, සඳතැන්න ඇතුළු සියළු සංචාරක ස්ථාන වසා ඇති බවත් පැවසු දිස්ත්‍රික් ලේකම්වරයා, පවතින වසංගත තත්වය හමු‍වේ රට ආරක්ෂා කර ගැනීමට රජය ගෙනයන සෞඛ්‍ය ආරක්ෂිත වැඩ පිලි‍වෙලට සැමදෙනාගේ සහය අත්‍යාවශ්‍ය බවය.

Newswire

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here