නිරෝධායනයට අරගෙන යද්දි අතක් අහිමිවූ කාන්තාවකට සජිත්ගෙන් උපකාර

0
414

‘සර්, මම නොවැම්බර් 26 වෙනිදා ලංකාවට ආවා. එදා රෑම අපිව අරගෙන ගියා යාපනේට නිරෝධායනය කරන්න. ඒ යද්දි පලාලිවලදි ඇක්සිඩන්ට් උනා. 30 වෙනිදා සිහිය එද්දි තමයි මම දන්නෙ මගේ එක අතක් කපලා, අනිත් අත කැඩිලා. මාස තුනක් ගතවෙලත් අද වෙනකං කිසිම සහනයක් ලැබුණෙ නෑ, අඩුගානෙ ගමේ ග්‍රාම නිළධාරී මහත්තයවත් ඇවිල්ලා බැලුවෙ නෑ. මමයි මගේ දරුවයි අද අන්ත අසරණ වෙලා ඉන්නෙ.’

කල්පිටිය නොරොච්චෝලේ ප්‍රදේශයේදී පැවති ‘සත්කාරය’ විපක්ෂ නායක ජංගම සත්කාරයේ 37 වැනි පියවර ක්‍රියාත්මක වූ අවස්ථාවට පැමිණි නීටා පෙරේරා මහත්මිය තමාට සිදු වූ විපත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රකාශ කළේ මේ අයුරිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී සඳහන් කළේ ඇය වෙනුවෙන් ඉතා කඩිනමින් කෘත්‍රිම අතක් ලබාදීමට කටයුතු කරන බවයි. එම අවස්ථාවේදීම සජිත් ප්‍රේමදාස මහතා රුපියල් 25,000 ක මුදලක් පරිත්‍යාග කළ අතර සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ මැදිහත්වීමෙන් තවත් රුපියල් 25,000 ක මුදල් පරිත්‍යාගයක් සිදු කෙරිණි.

විපක්ෂ නායකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර ඇයට යම් හෝ සාධාරණයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි. එදා රටවිරුවන් ලෙස හඳුන්වමින් විදෙස් රැකියාවල නිරත වන පුද්ගලයන්ගේ කතිරය ලබාගත් වත්මන් පාලකයන් අද ඔවුන් සම්පූර්ණයෙන් නොසලකා හැර කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here