නවදිල්ලියේ වෛද්‍ය සිසුවිය සමූහ දූෂණය කළ හතර දෙනා එල්ලා මරා දමයි

0
365

නවදිල්ලි නුවරදි තරුණියක සමූහ දූෂණය කිරිමේ සිද්ධියට සම්බන්ධ හතර දෙනාට ඉන්දිය බලධාරින් මරණ දඬුවම කි‍්‍රයාත්මක කළා.

 

අධි ආරක්ෂිත ප‍්‍රදේශයක පිහිටි ටිහාර් බන්ධනාගාරයේදි ඔවුන් එල්ලා මරා දමා ඇති බවයි වාර්තා වන්නේ. 2015 වසරට පසු මරණ දඬුවම කි‍්‍රයාත්මක කළ පළමු අවස්ථාව මෙය බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

 

2012 වසරේ දි 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක බස් රථයක් තුළ කෲර වධහිංසාවට ලක්කර සමූහ දූෂණය සම්බන්ධයෙන් හය දෙනෙකුට එරෙහිව නඩු විභාගය පැවැත්වුණා. ඉන් එක් අයෙකු 2013 වසරේ දි බන්ධනාගාරය තුළ සියදිවි නසාගෙන තිබූ බවයි වාර්තා වුණේ. තවත් පුද්ගලයෙකු වසර තුනකට පසු නිදහස් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here