ධුරයෙන් යන ට්‍රම්ප් අයුතු ලෙස කරන්න යන දේ

0
185

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුරයේ අවසන් දින කිහිපය තුළ සිරකරුවන් 100 දෙනෙකුට පමණ ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට සුදානම් වනවා.

එහිදී ඔහුගේ හිත මිත්‍රාදීන් සහ මුදල් මත එය සිදු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ට්‍රම්ගේ සමීපතමන් කිහිපදෙනෙකු වැරදිකරුවන්ගේ පවුල් වලින් මුදල් එකතු කර ඇති බව ද එම වාර්තා වල වැඩිදුරටත් සදහන් වනවා.

ඒ අනුව ජනාධිපති සමාව ලැබීමේ ලැයිස්තුව අවසන් කිරීම සඳහා ධවල මන්දිරය ඊයේ රැස්වීමක් පැවැත්වූ බව ද පැවසෙනවා.

කෙසේ වෙතත් ධුරයෙන් ඉවත්ව යන සෑම ජනාධිපතිවරයෙක් ම ජනාධිපති සමාව ලබා දීමට කටයුතු කරන අතර එය විනිවිද භාවයකින් යුතුව සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here