දේශපාලන බියවැද්දීම්වලට බය නැති බව විමල් කියයි

0
213

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව දේශපාලන වශයෙන්ද ශක්තිමත් කිරීම වැදගත් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ,
දේශපාලනිකව සිදුකරන අභියෝගයන්ට සහ බියවැද්දීම්වලට තමන් බිය නොවන බවය.

“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව හැම අතින්ම ශක්තිමත් කිරීම වැදගත්. හැම අතින්ම ශක්තිමත් කිරීම කිව්වාම දේශපාලන වශයෙන් ශක්තිමත් කිරීමත් වැදගත්. අපි දේශපාලනයේ බොහෝ කුණාටුවලට මුහුණ දීපු අය. මම ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නකොට ඒකෙන් එළියට බහින්න සිද්ධ වෙච්ච එක තමයි ලොකුම කුණාටුව. ජනවාරි 8 පැරදුනාට පස්සේ ආපු කුණාටුවටත් අපි මුහුණ දුන්නා. ඒ නිසා අපි කුණාටුවලට බය වෙන්නෙත් නෑ. කුණාටුවලට අපිව බය කරන්නත් බෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here