දුමින්ද සිල්වා නිදහස් කරන ලෙස ඉල්ලා ජනපතිට පෙත්සමක්. ආණ්ඩු පක්ෂයේ සියළුම මන්ත‍්‍රීවරු අත්සන් තබති.

0
308

මරණ දඩුවම ලබා බන්ධනාගාරගතව සිටින, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා නිදහස් කරන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලා, ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු පෙත්සමකට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

මෙම පෙත්සම සදහා, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සෑම මන්ත‍්‍රීවරයෙක් ම පාහේ අත්සන් තබා ඇති බවද පැවසේ.

පසුගිය විසිවන දා ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේ දී, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක කාර්යාලය මගින් මෙම පෙත්සම සදහා අත්සන් ලබා ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ.

එදින මෙම රැස්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණ නැති බවත්, එය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වා ඇති බවත් පැවසේ.

සති අග – සන්ඬේ ටයම්ස් පුවත්පත ඇසුරෙනි.

දුමින්ද සිල්වා නිදහස් කරන ලෙස ඉල්ලා ජනපතිට පෙත්සමක්. ආණ්ඩු පක්ෂයේ සියළුම මන්ත‍්‍රීවරු අත්සන් තබති.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here