දුම්රිය ධාවනයෙත් සීමා

0
58

සංචරණ සීමා පැනවීමත් සමඟ පළාත් අතර දුම්රිය ධාවන කටයුතු ද අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවිමට තීරණය කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පළාත් තුළ පමණක් දුම්රිය ධාවනය සිදුකිරීමට සැලසුම් කර ඇති බවය.

මේ අතර අන්තර් පළාත් ලංගම හා පෞද්ගලික බස්රථ ධාවනය අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.

පළාත් අතර සංචරණ සීමා පැනවිමට තීරණය කිරීමත් සමග එම පියවර ගන්නා බව ප්‍රවාහන බලධාරින් පැවසුවේය.

කෙසේවෙතත් අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා බස්රථ ධාවනය කිරීම පිළිබඳ සාකච්ඡා කෙරෙමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් තීරණ පසුව දැනුම් දෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේය.

මේ අතර කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත් අන්තර් පළාත් මගී බස්රථ ධාවකයින් වෙත සහන ලබාදීමට අදාළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අප්‍රේල් මස 01 වන දින සිට සැප්තැම්බර් මස 31 වන දින දක්වා අධිවේගී මාර්ගයේ තාවකාලික අවසර පත්‍ර ගාස්තුවෙන් සියයට 50ක් පමණක් අය කිරීම හා වාර්ෂික ටෙන්ඩර් ගාස්තුවෙන් සියයට 50ක් පමණක් අය කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here