දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 22ක්-යුධ හමුදාපති

0
364

හෝමාගම මුලික රෝහල නව කොරෝනා වෛරස ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් ඇතුළත් කරන තවත් රෝහලක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

 

ඒ අනුව අද (21) සිට අදාළ රෝගීන් පමණක් හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කරගැනීම සිදුවන බව රෝහල් අධිකාරී විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

මේ අතර දඹදිව වන්දනාවේ ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි වන්දනාකරුවන් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ වන්දනාකරුවන් දෙසිය දස දෙනෙක් ඊයේ රාත්‍රී කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි බවයි.

ඉන්දියාවේ නවදිල්ලිනුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු.එල්.196 දරණ ගුවන් යානයෙන් එම පිරිස දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් සියලු දෙනා මුලතිව් හා ඉරනමඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බව සදහන්.

මේ අතර මේ වන විට දිවයිනේ නිරෝධායන මධ්‍යස්ථාන 22ක් ස්ථාපිත කර ඇති බවයි යුධ හමුදාපති ලුතිනන්ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ.

අද පෙරවරුවේ දෙරණ අරුණ වැඩසටහනට සහභාගී වෙමින් යුධ හමුදාපතිවරයා මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here