දිවංගත රණංසිංහ ප්‍රේමදාස මහතාගේ 28 වැනි ගුණ සමරුව අදයි

0
29

මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ දිවංගත රණංසිංහ ප්‍රේමදාස මහතාගේ 28 වැනි ගුණ සමරුව අදට යෙදී තිබේ.

එහි ප්‍රධාන සැමරුම් උළෙල අද පෙරවරු 9.00 ට ආරම්භ වන්නේ කොළඹ අලුත්කඩේ පිහිටි රණසිංහ ප්‍රේමදාස පිළිරුව අභියසදීය.

මහා සංඝරත්නය, පූජක ප්‍රසාදීන් වහන්සේ ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ප්‍රේමදාස පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් එම උත්සවයට සහභාගි වීමට නියමිතව තිබේ.

මෙරට දුප්පත් ජනතාව වෙනුවෙන් සුවිශාල මෙහෙයක් කළ රණසිංහ ප්‍රේමදාස මහතා ගම් උදාව සංකල්පය යටතේ හිසට සෙවනක් නොමැති ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වෙනුවෙන් නිවාස තනා දීමේ භාර දූර වගකීම ඉටු කළේ ය.

රාජ්‍ය නායකයා ලෙස සමාජ සුබ සාධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ ඔහු දුප්පත්කම තුරන් කිරීම සඳහා හඳුන්වා දුන් වැඩසටහන් දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ ප්‍රසාදයට ලක්විය.

ඇඟලුම් කම්හල් ව්‍යාපෘති හඳුන්වා දෙමින් මෙරට ආර්ථිකයේ විදේශ විනිමය උපයා ගැනීම සඳහා නව මාර්ග සැකසූ ප්‍රේමදාස මහතා විවෘත විදේශ ප්‍රතිපත්තියක් හරහා රට මෙහෙයවීමට සමත් වූයේ, උතුරේ එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදි අරගලයට හා දකුණේ කැරළී ගැසීම්වලට ද නොපසුබටව මුහුණ දෙමිනි.

1993 වසරේ මැයි දින පෙලපාළියක් සංවිධාන කිරමින් සිටින අතරතුර ඔහු එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ ගොදුරක් බවට පත් ව දැයට අහිමි වූයේ අද වැනි දිනයකය.

දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණසමරු උත්සවය පෙරවරු 9.30 සිට සිරස TV තුළින් බලාපොරොත්තු වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here