දැන්වත් නින්දෙන් ඇහැරෙන්න, ජනතාව ගැන හිතන්න – සජිත්

0
50

කොරෝනා පළමු ව්‍යාප්තිය අවස්ථාවේදී ජනතාවට ලබාදුන් සහන මේ වනවිට එකින් එක කප්පාදු කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රුපියල් 5000 දීමනාව, ණය ගෙවීම සඳහා ලබාදුන් සහන කාලසීමාව අද ක්‍රියාත්මක නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආණ්ඩුව ගිලී සිටින නිද්‍රාශීලීත්වයෙන් දැන්වත් නැගී සිටිය යුතු බවත් එසේ නොමැති වුවහොත් ජනතාවට දරාගත නොහැකි තත්වයක් උද්ගත වන බවද විපක්ෂ නායකයා පෙන්වා දෙනවා. ජනතාවට සහන ලබාදීම සඳහා ආණ්ඩුව ගෙන එන ඕනෑම විසඳුමකට පාර්ලිමේන්තුවේදී පූර්ණ සහයෝගය ලබාදීමට සූදානම් බව ඔහු වැඩිදුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here